රාජ්‍ය අංශයට බඳවා ගැනීම් අත්හිටුවා වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගත් තීරණයත් සමඟ රාජ්‍ය සේවයේ ඇති වන පුරප්පාඩු විවිධ රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන්ගෙන් පිරවීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
එබැවින් රාජ්‍ය ආයතනවල ශ්‍රම බලකායේ හිඟයක් හෝ සේවා සැපයීමේ අඩුපාඩුවක් ඇති නොවන බවද ඔහු පැවසීය.
උදාහරණයක් ලෙස 2020 දී රජය උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත් නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උපාධිධාරීන්ට නොගැලපෙන රැකියා කරන බව පැවසේ. රාජ්‍ය අංශයේ පවතින පුරප්පාඩු මෙම උපාධිධාරීන් සමඟ පිරවීමට රජයට හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
රජයේ මුල්‍ය ප්‍රමුඛතාවය වන්නේ මූල්‍ය කළමනාකරණය සහ ජීවන වියදම අඩු කිරීමයි. ආර්ථිකයේ වර්ධනය, ප්‍රකෘතිය සහ පුනර්ජීවනය සම්බන්ධයෙන් ජාතික ආර්ථික කළමනාකරණය සඳහා අවශ්‍ය උපාය මාර්ගික මාර්ගෝපදේශ සැපයීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු හය දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.