ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවට කරුණු දක්වා තිබේ.
ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ද දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
අධ්‍යාපන විද්‍යාපීඨය හරහා පත්වීම් 8000ක් ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා විභාග පවත්වා අවසන් කිරීමට නියමිතය.
සංවර්ධන නිලධාරීන් 22,000ක් ගුරුවරුන් ලෙස පාසල්වලට බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ලබන සතියේ කැබිනට් ලේඛනයට අනුමැතිය ලැබීමෙන් පසු 2018 2019 2020 වසර තුනේදි බදවා ගත් උපාධිධාරීන් 53,000ක් සඳහා පොදු විභාගයක් පවත්වා ඔවුන්ගේ ලකුණු අනුව පළාත් සභාවේ සහ ජාතික මට්ටමෙන් පත්වීම් ලබාදීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම පළාත් සභා හරහා වෙනම උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ලබන වසරේ පළමු වාරය ආරම්භ වන විට මෙය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබේ
error: Content is protected !!
No Result
View All Result