පාසල් සිසුන්ට දහවල් ආහාරය, ත්රිපෝසා වැනි පෝෂ්‍යදායී ආහාර ලබාදීමට රජය පියවර ගෙන ඇති බව සභාවේ සභාපති අධ්‍යාපන ඇමැති සුෂිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.
එවැනි පාසල් 19,000කට අධික ප්‍රමාණයක් රට පුරා තිබෙන බවත්, යුනිසෙෆ්, ලෝක ආහාර සංවිධානය, ඇමෙරිකානු කෘෂිකාර්මික වැඩසටහන, චීන රජය ඇතුළු විවිධ ජාත්‍යන්තර ජාතික සංවිධාන ඒ සඳහා සහයෝගය ලබා දෙන බවත් ඇමැතිවරයා සභාවට දන්වා සිටියේය.
පාසල් 200කට ආහාර ලබාදීමේ වගකීම ජෝන් කීල්ස් සමාගම විසින් භාරගෙන ඇති බවත් සිංහ සමාජය වැනි සංවිධාන ද සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,
පාසල් සිසුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සිසුන් සඳහා දහවල් ආහාරය සහ ත්රිපෝසා ලබාදීමේ කටයුතු පිළිබඳව අප සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව විවිධ ජාත්‍යන්තර හා ජාතික සංවිධාන සහ සංවිධාන අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටිනවා.
ඒ සමඟම ඉදිරි අයවැයේදී ඒ සඳහා වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවත් බඩඉරිඟු වගාව වැඩි කිරීමට ද පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.
error: Content is protected !!
No Result
View All Result