උපාධිධාරීන්ගේ පුහුණුව නවතා දැමීම ගැන රජය මැකෝ සමග සාකච්ඡා කිරීමට යයි
රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලැබූවන්ට ලබාදෙන පුහුණුව නවතා දමන ලෙස මැතිවරණ කොමිෂම දුන් නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙම වැඩසටහන යටතේ උපාධිධාරීන් 45585කට පත්වීම් ලබාදුන් අතර එම පත්වීම් මාර්තු 01 දා සිට ක්‍රියාත්මක වෙයි.
මැතිවරණ කොමිෂන් සභාව මෙම පුහුණුව ලබාදීමට නවතා දැමුවත් මෙම පත්වීම් ලාභීන්ට මාර්තු 01 දා සිට වැටුප් ගෙවීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවැසීය.
මෙම පත්වීම් ලබාදුන්නේ මැතිවරණ ප්‍රකාශ කිරීමට ප්‍රථමව බවද අමාත්‍යවරයා පැවැසීය. ලබන වසරේ මාර්තු 01 දා දක්වා මෙසේ බඳවා ගන්නා උපාධිධාරීන්ට පුහුණුවක් ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
www.ada.lk