බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්) 1 වන ශ්‍රේණියේ නිලධාරින් සේවා පළපුරුද්ද හා කුසළතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම
බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්) 1 වන ශ්‍රේණියේ නිලධාරින් සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
02. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්* විශේෂ ශ්‍රේණීයේ 2014 වර්ෂයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පහත සුදුසුකම් සම්පූර්ණ කර ඇති නිලධාරින්ගෙන් (විශ්‍රාමික නිලධාරින් ද ඇතුළුව* සේවා පළපුරුද්ද සහ කුසළතාවය මත පුරප්පාඩු පිරවීම සිදු කරනු ලැබේ.
1. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ සිවිල් 1 වන ශ්‍රේණියේ අවම වශයෙන් වසර හය (06* ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා නියමිත වැටුප් වර්ධක හයම (06* උපයාගෙන තිබීම.
11. උසස් කිරීමේ දිනට පූර්වාසන්නතම වසර පහ (05) තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
සසස. අනුමත කාර්ය සාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස් කිරීමේ දිනට පෙරාතුව වූ වසර හය (06) ක් තුළ සතුටුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
111. තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් වී තිබීම. (බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන 2013.06.01 දිනට සිවිල් 1 ශ්‍රේණියට උසස් වී වසර (05) ක් සම්පූර්ණ කර ඇති නිලධරයන් III වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබේ.
03. අයදුම්පත් මෙම නිවේදනයේ අවසානයේ දැක්වෙන ආදර්ශ අයදුම්පත්‍රයට අනුව අපේක්ෂකයා විසින්ම නිවැරදිව හා පැහැදිලිව පිළියෙල කල යුතු ය.
04. සෑම අයදුම්පත්රයක්ම ඔබගේ දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් (විශ්‍රාමික නිලධාරින් සිය අවසන් දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින්* 2019.02.25 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.* අංක 109, මහ වීදිය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලේ එවිය යුතු ය.
05. අයදුම්පත් කැඳවීමේ නිවේනයට අදාළ කරුණු හෝ එම නිවේදනයේ ආවරණය නොවන වෙනත් කරුණු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය අවසාන තීරණය වේ.
06. මෙම දැන්වීම හා ආදර්ශ අයදුම්පත්‍රය බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අඅඅගචිජගඅචගටදඩගකන නිල වෙබ් අඩවියේ ද පළකර ඇත.