எதிர்காலத்தில் கல்வி பொது தராதர சாதாரண பரீட்சையை 10 ஆம் தரத்தில் நடத்துவதற்கான வாய்ப்புகள் தொடர்பில் ஆராய்ந்து வருவதாக கல்வி அமைச்சர் சுசில் பிரேம்ஜயந்த தெரிவித்துள்ளார்.
கொழும்பு ரோயல் கல்லூரியில் நடந்த விழாவில் கலந்துகொண்டு உரையாற்றிய போதே அமைச்சர் இதனைக் குறிப்பிட்டுள்ளார்.
10 ஆம் தரத்தில் கல்வி பொது தராதர சாதாரண பரீட்சையை நடத்துவதற்கான வாய்ப்பு தொடர்பில் தற்போது உரிய தரப்பினருடன் கலந்துரையாடி வருவதாகவும், எதிர்காலத்தில் கல்வி மாற்றத்திலும் இந்த விடயம் பரிசீலிக்கப்படும் எனவும் அமைச்சர் மேலும் தெரிவித்தார்.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව 10 ශ්‍රේණියේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මෙම කාර්යය එක්වර සිදුකළ නොහැකි 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක යටතේ සිදුකිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.