උක්ත තනතුරට බඳවා ගැනීමට අදාළව 2023.10.21 දින පවත්වන ලද විභාගය සමත් අයදුම්කරුවන්ගේ සුදුසුකම් පරික්ෂා කර බැලීමේ සම්මුඛ පරීක්ෂණයක් හා ප්‍රායෝගික පරීක්ෂණයක් 2023.11.11 හා 12 දෙදින බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ආයදුම්කරුවන්ගේ නාම ලේඛනය මේ සමඟ ඉදිරිපත් කරන අතර, එම ලැයිස්තුවේ නම් සඳහන් අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණයට සහභාගී විය යුතුවේ.
සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් පහත උපදෙස් පත්‍රිකාවට අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා සූදානම් විය යුතු බැවින් ඒ අනුව අදාල ලේඛණ සූදානම් කර ගන්න. සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබ පැමිණිය යුතු දිනය හා වේලාව විද්‍යුත් තැපෑල (Email) මඟින් ඉදිරියේදී ඔබට දැනුම් දෙනු ලැබේ.