ஓய்வூதிய வயதெல்லை 60 –
கல்வி சுகாதாரத் துறைகளுக்குப் பாதிப்பு
ஓய்வூதியம் பெறும் வயதெல்லையை 60 ஆகக் குறைப்பதற்கான தீர்மானத்தை அடுத்து கல்வி மற்றும் சுகாதாரத் துறைகள் அதிகம் பாதிக்கப்படும் என சுட்டிக்காட்டப்பட்டுள்ளது. கல்வி அமைச்சின் மேலதிக செயலாளர்களில் ஆறுபேரில் நான்கு பேர் ஓய்வு பெற வேண்டும் என்பதோடு பரீட்சைகள் ஆணையாளர், கல்வி வெளியீட்டுத் திணைக்கத்தின் ஆணையாளர் நாயகம் ஊவ மற்றும் மத்திய மாகாணங்கள் தவிர்ந்த ஏனைய மாகாணங்களின் கல்விப் பணிப்பாளர்கள் 7 பேரும் ஓய்வு பெற வேண்டி ஏற்படும் என தெரிவிக்கப்பட்டுள்ளது.
இதற்கு மேலதிகமாக கொழும்பு கல்வி வலயத்தின் பணிப்பாளர் உட்பட பல வலயங்களின் பணிப்பாளர்கள் ஓய்வு பெற வேண்டும். கல்வியியல் கல்லூரிகளின் ஆணையாளர் நாயகம், தேசிய பாடசாை பணிப்பாளர் சிரிமாவோ பண்டார நாயக்க கொழும்பு டி.எஸ். சேனாநாயக்க, குருணாகல மலியதேவ முதலான பாடசாலைகளின் அதிபர்கள் இந்த திட்டத்தின் கீழ் ஓய்வு பெற வேண்டும். இதற்கு மேலதிக இலங்கை கல்வி நிர்வாக சேவையைச் சேர்ந்த பலர் உட்பட அதிபர்களில் பலரும் ஓய்வு பெற வேண்டு்.
புதிய தீர்மானம் கல்வித் துறையிலேயே அதிகம் தாக்கம் செலுத்துகிறது என்று சுட்டிக் காட்டப்பட்டுள்ளது.
அவ்வாறே சுகாதார சேவைகளைப் பெறுத்தவரையிலும் பல துறைசார்ந்தோர் ஓய்வு பெறவுள்ளனர். இந்த தீர்மானத்தின் படி, கொழும்பு தேசிய வைத்தியசாலையில் பணிபுரியும் விசேட வைத்திய நிபுணர்கள் 60 பேரும், சுகாதார அமைச்சின் பிரதிப் பணிப்பாளர்களில் 20 பேரில் 17 பேரும் ஓய்வு பெறல் வேண்டும்.
විශ්‍රාමික වයස අවුරුදු 60-
අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්රයට විශාල බලපෑමක්
විශ්‍රාම වයස් සීමාව අවුරුදු හැට ලෙස ක්‍රියාත්මක කිරීමේ තීරණය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල මෙන්ම පළාත්වල අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ නිලධාරීහු රැසක් එකවර විශ්‍රාම යති. අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු හය දෙනාගෙන් සිව් දෙනෙක්ද විභාග කොමසාරිස් ජනරාල් හා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්
ජනරාල් මෙන්ම ඌව සහ මධ්‍යම හැර සෙසු පළාත්වල පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු හත් දෙනාද මේ අතර වෙති.
මීට අමතරව කොළඹ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා ඇතුළුවෙ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු පිරිසක්ද විශ්‍රාම යති. අධ්‍යාපන විද්‍යාපීඨ කොමසාරිස් හා ජාතික පාසල් අධ්යක්ෂ යන තනතුරුෙ දරන නිලධාරීන් මෙන්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක, කොළඹ ඩී.එස්. සේනානායක, කුරුණෑගල මලියදේව ඇතුළුෙ පාසල් කිහිපයක විදුහල් ප්‍රධානීහුද නව තීරණය අනුව විශ්‍රාම යා යුතුය. අධ්‍යාපන පරිපාලන සේවයේ මෙන්ම විදුහල්පති සේවයේ නිලධාරීහුද එලෙස විශ්‍රාම ලබන්නන් අතර සිටිති.
මේ අතර රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සිමාව අවුරුදු 60 දක්වා පහත හෙළීමත් සමග රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් රැසකටම විශ්‍රාම යාමට සිදුවීමෙන් රෝගී සත්කාර සේවාවෙන් සැලකිය යුතු ලෙස බිඳවැටෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 60 දෙනෙකු
ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් රැසකම විශේෂඥ වෛද්‍යවරුන් මේ අනුව විශ්‍රාම යාමට නියමිතව ඇතැයිද එසේ වුවහොත් රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවන් මතුවනු ඇති බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.
ප්‍රධාන රෝහල්වල පුරප්පාඩුවන විශේෂඥ තනතුරු පිරවීම සඳහා අයැදුම්පත් කැඳවීමත් සමග පර්යන්ත රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රධාන රෝහල්වල සේවයට පැමිණීමත් සමග පර්යන්ත රෝහල්වල රෝගී සත්කාර සේවාවන් කඩාවැටීමකට ලක්වෙනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය සඳහන් කරයි.
එසේම මේ වන විට විදේශ ගත වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවේද යම් ඉහළ යාමක් සිදුවනු ඇති බැවින් රෝහල්වල රෝගී සත්කාර සේවාවන් අඩාළ වීමට එයද හේතුවන බවද වෛද්‍ය පනාපිටිය පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරු 20ක් සිටින අතර ඉන් තනතුරු 17ක් ම මේ අනුව හිස්වනු ඇත.
මොවුන් විශ්‍රාම ගිය පසුව එම තනතුරුවල සේවය කිරීමට දෙවන පෙළ කණ්ඩායමක් පුහුණු කර නොමැති වීමෙන් සේවා කටයුතු මුළුමනින්ම බිඳවැටීමට හැකි බවද අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ නමුත් විශ්‍රාම ගන්වන වයස අවුරුදු 60 දක්වා පහත හෙළීම හේතුවෙන් පහළ ශ්‍රේණිවල සිටින වෛද්‍යවරුන් රැසක්ම සිය සතුට පළ කර ඇති බවත් සඳහන් වේ.