නිවේදනයයි -අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)
01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III, II, I ශ්‍රේණිවල ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ සාමාන්‍ය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා (2023 මැයි 22 දින සිට ජුනි 01 දින දක්වා) කැඳවා ඇති අයදුම්කරුවන් අතුරින් අ.පො.ස(සාමාන්‍ය පෙළ) විභාග රාජකාරී කටයුතු හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වූ අයදුම්කරුවන්හට එම සාමාන්‍ය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ජුනි 10 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
02. ඒ අනුව අදාළ අයදුම්කරුවන් තමන් විභාග රාජකාරි සඳහා සහභාගි වන බවට සනාථ කිරීමට ලේඛණයක්ද සමග ජුනි මස 10 දින පෙ.ව.8.00ට සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වන ලෙසත්, එම දිනට අනිවාර්යයෙන් පැමිණෙන බවට තහවුරු කිරීම සඳහා [email protected] යන විද්‍යුත් ලිපිනයට පණිවිඩයක් යොමු කිරීමට කටයුතු කරන ලෙසත් මෙයින් දැනුම් දෙනු ලැබේ.
03. එසේම, ජුනි 10 දිනෙන් පසුව මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කිසිදු ආකාරයකින් නැවත දින ලබා නොදෙන බව වැඩිදුරටත් දන්වමි.