පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ට අර්ධකාලීන රැකියා අවස්ථා ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය සැලසුම් කර තිබේ.
සිසුන් 300 කට පමණ අර්ධකාලීන රැකියා ලබාදීමට සැලසුම් කර ඇති බව උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමවංශ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ 2, 3 සහ 4 වසරවල සිසුන්ට අර්ධකාලීන රැකියා සඳහා ප්‍රමුඛත්වය දෙන බවත්, ඕනෑම 1 වසර සිසුවෙකුට අර්ධකාලීන රැකියාවක් අවශ්‍ය නම්, එයද සලකා බලන බවත්ය.
මෙවැනි අර්ධකාලීන රැකියා වැඩසටහනක් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රථම වරට ක්‍රියාත්මක වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේය.
සිසුන්ට සේවා පළපුරුද්ද සහ පුහුණුව ලබාදීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව මහාචාර්ය ළමවංශ මහතා පැවසීය.
සිසුන්ට මසකට පැය 15 සිට 20 දක්වා අර්ධකාලීන රැකියාවල නිරත වීමට අවසර ලැබේ.