ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණිය සඳහා කඩිනමින් පත්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීය.
2019 වසරේ විභාගය ලියා පත්වීම් නොලැබුණු , වැඩබලන විදුහල්පතිවරුන් සහ පත්වීම් නොලැබුණු පාර්ශ්ව තුනකට මෙම පත්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.
2019 විභාගයෙන් ලකුණු ලබාගත් නමුත් සම්මුඛ පරීක්ෂණයෙන් අඩු ලකුණු ලබාගත් අපේක්ෂකයින් 1700 ක් සිටින අතර ඒ නිසා පත්වීම් නොලැබුණි. ඉන් 160 දෙනෙකු මහාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ හරහා පත්වීම් අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් ලබාගෙන ඇත.
වැඩබලන විදුහල්පතිවරුන් 2682ක්, විභාගය සමත් වුවද සම්මුඛ පරීක්ෂණයේ ලකුණු අඩුවීම නිසා පත්වීම් නොලැබුණු 1700ක් සහ නඩු පවරා ඇති 169 දෙනකුට ද පත්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන ඇමැතිවරයා පැහැදිලි කළේය.
මේ හරහා 4000කට පමණ පත්වීම් ලබාදීමට සූදානම් බවද ඔහු කියා සිටියේය. ඉදිරි අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට පෙර, එනම් 2023 මාර්තු මාසයට පෙර මෙම පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය. – (teachmore.lk)
error: Content is protected !!
No Result
View All Result
Comments 1