අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම -II අදියර (2023)
- ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද අංක SC 93/2021(F/R), SC 40/2022(F/R), SC 26/2022(F/R), SC 476/2019(F/R)යන නඩු කටයුතු සමථයට පත් කිරීමට අදාළ 2022.12.12 දිනැති සමථ නඩු තීන්දුව ප්‍රකාරව 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2021.06.30 දිනට ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ සාමාන්‍ය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් සිදු කරනු ලැබේ.
- එම සම්මුඛ පරීක්ෂණ 2023 මැයි 22 දින සිට ජුනි 01 දින දක්වා බත්තරමුල්ල, ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ 4 වන මහලේ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්වේ. ඒ සඳහා 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගයට ඉදිරිපත්ව ඉන් සමත් අයදුම්කරුවන් අතුරින් එම සම්මුඛ පරීක්ෂණයට කැඳවන අයඳුම්කරුවන්ගේ නාමලේඛනය ඇතුලත් උපලේඛනය අමාත්‍යාංශ වෙබ් අඩවියේ (www.moe.gov.lk) පළ කර ඇත.
- තවද, එහි දැක්වෙන http://recruitment.moe.lk යන වෙබ් සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කර ඉන් අනතුරුව ඔබගේ පෞද්ගලික හා රාජකාරි තොරතුරු එහි ඇතුලත් කළ යුතු අතර තමන් සම්මුඛ පරීක්ෂණයට අදාළ නියමිත දිනයේ දී සහභාගී වන බවට තහවුරුවක් 2023.05.19 දිනට ප්‍රථම අනිවාර්යයෙන්ම එහි සඳහන් කලයුතු බවද අවධාරණය කෙරේ. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපිය හා ඊට අදාළව ඉදිරිපත් කල යුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වාර්තාවේ ආකෘති පත්‍රය අදාළ අයඳුම්කරුවන්ගේ පුද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් යොමු කරනු ලැබේ.
අයදුම්කරුවන්ගේ නාම ලේඛනය
කැඳවීමේ ලිපිය
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වාර්තාවේ ආකෘති පත්‍රය