ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
සංගීතය හා නිර්මාණාත්මක තාක්ෂණවේද අධ්‍යයනාංශය
2022/2023 අධ්‍යයන වර්ෂය
ශාස්ත්‍රවේදී (ගෞරව) සංගීතය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශාස්ත්‍රවේදී (ගෞරව) සංගීතය උපාධි පාඨමාලාවේ2022/2023 අධ්‍යයන වර්ෂයට අදාළ යෝග්‍යතා පරීක්ෂණය (ප්‍රායෝගික) සඳහා අපේක්ෂකයින් 50 දෙනෙකු තෝරා ගැනීම පිණිස මාර්ගගත අයදුම්පත් කැඳවයි.
ඉහත උපාධි වැඩසටහනේ පිරිනමනු ලබන ප්‍රධාන විෂය ක්ෂේත්‍ර;
- උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය- ගායනය
- උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය- වයලීන
- උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය- සිතාර්
- උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය- තබ්ලාව
ඉහත උපාධි වැඩසටහන සඳහා අයදුම් කිරීමේ අවම අවශ්‍යතාවය පහත පරිදි වේ;
අපේක්ෂකයෙකු පෙරදිග සංගීතයේ අවම “C” ශ්‍රේණියක් සහිත විෂයයන් 3ක් සමඟින් අ.පො.ස උසස් පෙළ විභාගය (2022) සමත් විය යුතුය. (විස්තර සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීම පිළිබඳ අත්පොතෙහි පිටු අංක 41 වෙත යොමු වන්න). ඉහත සුදුසුකම් සපුරාලීමකින් තොරව අයදුම් කරන අපේක්ෂකයින් යෝග්‍යතා පරීක්ෂණය සඳහා කැඳවනු නොලැබේ.
තෝරාගත් අයදුම්කරුවන්ට යෝග්‍යතා පරීක්ෂණය පිළිබඳ විස්තර විද්‍යුත් තැපෑලෙන් හෝ අපේක්ෂකයා විසින් පෝරමයේ සපයා ඇති දුරකථන අංකයෙන් දැනුම් දෙනු ලැබේ.
යෝග්‍යතා පරීක්ෂණය සඳහා ගෙවීම්
ආපසු නොගෙවන විභාග ගාස්තු රු. 2000.00 පහත ගිණුමට බැර කළ යුතුය.
නම: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගිණුම් අංකය: 097-1-001500050005
බැංකුව: Peoples’ Bank
ශාඛාව Gangodawila