පශ්චාත් උපාධි අධ්‍යයන ඩිප්ලෝමාව නොවැම්බර් 19 දින ආරම්භ වේ
ජාතික අධ්‍යාපන ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවේ ජාතික සම්බන්ධීකාරක එස්.ෂිබාන් මහතා පැවසුවේ එම පාඨමාලාව ලබන 19 වැනිදා ආරම්භ වන බවයි.
පාඨමාලාව සඳහා අයදුම්කරුවන්ගේ සුදුසුකම් සලකා බලමින් සිටින බවත් තෝරාගත් අයදුම්කරුවන්ගේ නම් ලයිස්තුව නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බවත්, මෙවර අයැදුම්පත් 8000ක් පමණ ලැබී ඇති බවත් ඔහු දන්වා සිටියේය.
අයදුම්පත්‍ර සමග ඉදිරිපත් කර ඇති සියලුම ලියකියවිලි කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් සහතික කර ඇති බැවින් සම්මුඛ පරීක්ෂණයකින් තොරව පාඨමාලාව සඳහා සිසුන් තෝරා ගැනීම් සිදු කරන බවද ඔහු පැවසීය.
අයදුම්පත්‍රයට අනුව සුදුසුකම් ඇති සියලුම දෙනා පාඨමාලාවට ඇතුළත් කරන බවද ඔහු පැවසීය.
උපාධිය අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් 21 වැනිදායින් අවසන් විය.
error: Content is protected !!
No Result
View All Result