ලෝක බැංකුවේ අනුග්‍රහය යටතේ පෙර පාසල් දරුවන් සඳහා දවල් ආහාර ලබාදීමේ මෙහෙයුම මේ මස සිට ආරම්භ කරන බව මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
අධ්යක්ෂ නයනා එස්.පී.කේ.ටී සිල්වා මහත්මිය පැවසුවේ, මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රදේශවල ජීවත් වන කඳුකර දරුවන් 35 දහසකට සහ බාලවයස්කාර දරුවන් 1 ලක්ෂ 55 දහසකට මෙම දිවා ආහාරය ලබා දෙන බවයි.
මේ වන විට මන්දපෝෂණයෙන් පෙළෙන පෙර පාසල් දරුවන් 90,000 කට උදේ ආහාරය ලබා දෙන අතර බෙදාහරින්නන්ට එක් ආහාර වේලක් සඳහා රුපියල් 30 බැගින් ගෙවනු ලැබේ.
එහෙත් එම මුදල ප්‍රමාණවත් නොවන බැවින් එය රුපියල් 60 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ එම මුදල් ලබාදීමට නියමිතය.
මේ මාසයේ සිට උදේ ආහාරය වෙනුවට දැනට පවතින වට්ටෝරුව සංශෝධනය කර දිවා ආහාරය ලෙස ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2000 ක ආහාර පැකට් බෙදාදීම යළි ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, දිස්ත්‍රික්ක කිහිපයක ආහාර පැකට් බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ දිවයින පුරා බෙදා හැරීම යළි ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
No Result
View All Result
error: Content is protected !!