සීමිත පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – 2019 II අදියර (2023)
- විභාග කොමසාරිස් ජනරාල් විසින් ලබා දෙන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගන්නා නවක පත්වීම්ලාභීන්ගේ සම්පූර්ණ නාමලේඛනය
- එක් එක් පළාත්වලින් තේරී පත්වී ඇති නිලධාරීන් පළාත් වශයෙන් වෙන් කරන ලද නාමලේඛන
බස්නාහිර පළාතෙන් තේරී පත් වී ඇති පත්වීම්ලාභීන් සඳහා පත්වීම් ප්රදානය 2023.11.04 දින පෙ.ව. 9.00ට කොළඹ 07, ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. කැඳවීම් ලිපි තැපැල් මගින් යොමු කරනු ලැබේ.
- පත්වීම්ලාභීන් සේවාරම්භක පුහුණුවට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඉහත ලේඛනයන්හි දැක්වෙන අදාළ පළාත් බලධාරීන් විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු වේ.
- පත්වීම්ලාභීන් ස්ථානගත කරන ජාතික පාසල හෝ පළාත සේවාරම්භක පුහුණුව අවසානයේදී දැනුවත් කරනු ලැබේ.
- පත්වීම්ලාභීන් මෙම පත්වීම භාර ගන්නේද නොගන්නේද යන වග 2023.11.16 දිනට පෙර මේ සමග ඇති පරිශිෂ්ටය 05 ප්‍රකාරව ලියාපදිංචි තැපැල් මගින් අධ්‍යාපන ලේකම් වෙත යොමු කළ යුතුය.
- මේ වන විට ගුරු සේවයෙන් ස්වේච්ඡා බල සේනාවක සක්‍රීය සේවයට හෝ වෙනත් සේවාවකට මුදාහැර/අනුයුක්ත කර ඇති නිලධාරීන් වේ නම් ඔවුන් එම සේවයෙන් විධිමත්ව නිදහස් වී නිත්‍ය සේවයට වාර්තා කර නියමිත දිනට සේවාරම්භක පුහුණුවට සහභාගි විය යුතුය.
- පත්වීම් ප්‍රදාන අවස්ථාවට සහභාගි විය නොහැකි විදේශීය නිවාඩු ලබා ඇති නිලධරයන් වේ නම් ඔබගේ පත්වීම් ලිපිය අදාළ බලධාරීන් වෙතින් ලබා ගෙන පත්වීම් ලිපියේ 02, 26 හා 27 ඡේද කෙරෙහි අවධානය යොමු කර කටයුතු කළ යුතුය.
- සේවාරම්භක පුහුණුව අවසානයේ තමන් ස්ථානගත කරනු ලබන සේවා ස්ථානයේ රාජකාරි සඳහා වාර්තා කළ යුතුය.
- පත්වීම් තාවකාලිකව රඳවා තබා ඇති නිලධාරීන් විමසීම් සඳහා දුරකථන අංක 0112784846 අමතන්න.