අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම -II අදියර (2023)
01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත්ව 2019.07.29 සිට 2019.08.08 දක්වා පැවති සාමාන්‍ය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වූ නිලධාරීන්ගේ නාමලේඛනය ඇතුලත් උපලේඛනය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇත.
02. තවද, එහි දැක්වෙන http://recruitment1552.moe.lk යන වෙබ් සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කර ඉන් අනතුරුව ඔබගේ වර්තමාන පෞද්ගලික හා රාජකාරි තොරතුරු 2023.05.30 දිනට පෙර එහි ඇතුලත් කළ යුතු බවද අවධාරණය කෙරේ. තවද මේ සමඟ පහත දක්වා ඇති කලාප අධ්‍යාපන අධ්යක්ෂ විසින් සම්පූර්ණ කළ යුතු ආකෘති පත්‍රය (ඇමුණුම 01) බාගත කරගෙන ඔබට අයත් වර්තමාන කලාප අධ්‍යාපන අධ්යක්ෂ වෙතින් සම්පූර්ණ කර සහතික කරවා ගෙන අධ්‍යාපන අමාත්‍යංශයේ විදුහල්පති ශාඛාව වෙත 2023.05.30 දිනට පෙර අනිවාර්යයෙන්ම ලැබීමට සැලස්විය යුතු බව කාරුණිකව දන්වමි.
03. එමෙන්ම මෙම ලේඛනයේ නම ඇතුළත් වීම ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ පත්වීමක් ලැබීමට නියමිත බවට තහවුරුවක් නොවන බව අවධාරණය කරමි.
සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වු නිලධාරින්ගේ නාම ලේඛනය
කලාප අධ්‍යාපන අධ්යක්ෂ විසින් සම්පූර්ණ කළ යුතු ලිපියේ ආකෘති පත්‍රය