කොළඹ ප්‍රකට පාසැලක දරු දෙදෙනෙක් බුද්ධ පූජාව කාලා.. තව දරුවෙක් බත් ගෙනාවේ මිරිස්කුඩු ඉසලා..- ගුරුවරිය හෙලි කරයි..
අද වන විට රට තුළ ඇති වී තිබෙන උද්ධමන තත්ත්වයත් සමඟ පෝෂණ අවශ්‍යතාවය දුප්පත් සිසුන්ට පමණක් නොව මධ්‍යම පාන්තික දරුවන්ට ද ඇති වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය සඳහන් කරයි.
ප්‍රධාන පෙළේ ජාතික පාසලක උසස්පෙළ දරුවන් දෙදෙනෙක් බුද්ධ පූජාව හොරෙන් කා ඇති බවත් තවත් දරුවෙකු බත් ගෙනවිත් තිබිනේ මිරිස්කුඩු ඉස ගෙන බවත් ඒ ආර්ථික අපහසුතාවයන් නිසා බවද ඇය පැවසීය.
එනිසා සැලසුම්කරණ ආහාර වැඩපිළිවෙළකදී කිසිදු දුරස්ථභාවයක් ඇති නොකර සියලු දෙනාටම පෝෂණීය ආහාර වේලක් ලබාදිය යුතු බවද ඇය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පළ කළේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කොළඹ දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටුව ඊයේ දිනයේ රැස්වූ අවස්ථාවේදී ය.
No Result
View All Result
error: Content is protected !!