විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින් ලබාගත් අපේක්ෂකයන්ගේ තොරතුරු තමන් සකස් කළ වෙබ් අඩවියක ප්‍රදර්ශනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පක්ෂණ දෙපාර්තමේන්තුව විසින්
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (09දා) නියෝග කළේය.
එසේම තවත් ඇප කොන්දේසියක් ලෙස සැකකරු පදිංචි ප්‍රදේශයේ ළඟම පොලිස් ස්ථානයට සෑම මසකම අවසන් ඉරුදින වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා සැකකරුට නියම කළේය. හපුගල පදිංචි, ගාල්ල රිමාන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන අසේල ඉන්දීවර යන වයස අවුරුදු දහ නවයක තරුණයකු මෙලෙස අධිකරණය මඟින් ඇප මත මුදා හැරිණි. මෙම සැකකාර තරුණයා ලබන වසරේ උසස් පෙළ විභාගයට මුහුණදීමට සූදානම්ව සිටින බවත් ඔහු ඉතාමත් දක්ෂ දරුවකු වන බවත් මොහු තාක්ෂණය විෂය අංශයෙන් ඉගෙනීම් කටයුතු කරන බවත් ප්‍රකාශ කළ නීතිඥවරයා
මෙවැනිම සිද්ධියක් ලෙස මීට පෙර වාර්තා වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාට සම්මාන සහිතවද සමාව දීම සිද්ධිය සලකා බලා මෙම සිසුවාට ඇප නියම කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකාර තරුණයා ඇප මත මුදාහැරීමට නියම කළේය.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය තුළ ඇති තොරතුරු අනවසරයෙන් ලබාගෙන වෙනත් වෙබ් අඩවියක පළ කළැයි 2007 පරිගණක අපරාධ පනත යටතේ අනවසර ප්‍රවේශ වීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි. පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ගයත්‍රි මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.