Attachment for students to nearest Schools – Sabaragamuwa Province

Attachment for students to nearest schools – Sabaragamuwa Province

පවත්නා තත්ත්වය හමුවේ පාසල් සිසුන් තාවකාලිකව පාසල්වලට ඇතුළත් කරගැනීම

පවත්නා ප්‍රවාහන දුෂ්කරතා සහ ආර්ථික තත්ත්වයන් මත සමහර දෙමව්පියන් තම දරුවන් තම පදිංචියට ආසන්න පාසල් වෙත පාසල්ගත කිරීම සඳහා උනන්දු වේ. එවැනි අවස්ථා වලදී මතු සඳහන් පරිදි කටයුතු කරමින් ඒ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරමි.

  1. දෙමව්පියන්ගේ ඉල්ලීම ලිඛිතව ලබා ගන්න.
  2. දැනට දරුවා සිටින පාසලේ විදුහල්පතිවරයාගෙන් දරුවා සිටින ශ්‍රේණිය, ඉගෙනුම ලබන විෂයයන්, ඔහුගේ ශිෂ්‍ය කාර්ය දර්ශක අංකය තහවුරු කරන ලිපියක් ලබා ගන්න. ඉහත (1), (2) දෙකම එකවර සිදු කළ හැකිය.
  3. කරුණු තහවුරු කරගෙන ඉල්ලුම් කරනු ලබන පාසලට (ස්ථීර පදිංචියට ආසන්න පාසලක් විය යුතුය ) දරුවා තාවකාලිකව ඇතුළත් කරගැනීම සඳහා අනුමැතිය ලබා දෙන්න.
  4. දරුවා තාවකාලිකව ඇතුළත් කරගනු ලබන පාසල මතු සඳහන් පරිදි කටයුතු කළ යුතු වේ.

  • ඒ සඳහා වෙනම ඇතුළත් වීමේ ලේඛනයක් පවත්වා ගෙන යාම.
  • ලිපි ලේඛන ගොනුගත කිරීම සඳහා වෙනම ගොනුවක් පවත්වාගෙන යාම.
  • අදාළ පන්තියට පමණක් දරුවා ඇතුළත් කරගැනීම.
  • මෙලෙස කිසියම් පාසලක ඇතුළත් වන දරුවන් පන්ති නාමලේඛනයේ ඉඩ තිබේ. නම් එහි අග තීරුවක නම් යොදා දිනපතා පැමිණීම සටහන් කිරීම.
  • දරුවාගේ කැමැත්ත පරිදි සහ පහසුව පරිදි දැනට සිටින පාසලේ හෝ ඇතුළත් වන
  • පාසලේ නිල ඇඳුම් වලින් කැමති නිල ඇඳුමක් භාවිතයට අවස්ථාව ලබා දීම.
  • පහසුකම් හා සේවා ගාස්තු හෝ වෙනත් ගාස්තු අය නොකිරීම (කිසියම් විශේ හේතුවක් මත ගාස්තුවක් අය කරන්නේ නම් ඒ සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය ලබා ගැනීම)
  • සියලුම වාර පරීක්ෂණ, පාසල් පාදක ඇගයීම් ලබාදීම සහ එම ලකුණු දරුවාගේ ස්ථීර පාසල වෙත ලබා දීම. සටහන් ලිවීමේදී දැනට භාවිත කරන පොත්පත් ම භාවිතයට අවසර දීම.
  • එම දරුවන් පාසලට සමාජගත කිරීමේදී විදුහල්පතිවරයා මැදිහත්වීම සහ පූර්ණ අධීක්ෂණය යටතේ රඳවා ගැනීම.
  • නව පාසල තුළ මානසික හෝ සමාජ ගැටලු මතු වුවහොත් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත වහාම වාර්තා කිරීම.

සම්පූර්ණ විස්තර

SHARE the Knowledge

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!