රජයේ සේවකයන්ගේ සුදුසු ඇඳුම සම්බන්ධ චක්‍රලේඛය ළඟදීම
රාජ්‍ය නිලධාරීන් කාර්යාලයට පැමිණෙන විට සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම චක්‍රලේඛය සකස් කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාතුන්න මහතා සඳහන් කළේ. කාර්යාලවලට යන විට කාන්තාවන්ට සාරිය, ඔසරිය හෝ කාර්යාලයට සුදුසු ඇඳුම් ඇඳිය හැකි බවට දැනටමත් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයින් චක්‍රලේඛයේ පළමු කොටස පමණක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඔවුන්ට සුදුසු කාර්යාල ඇඳුම කුමක්ද යන්න අමතක වී ඇති බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දී තිබේ.
එබැවින් සුදුසු කාර්යාල ඇඳුම් සඳහා අවසර ලබා දීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර එය නුදුරේදීම නිකුත් කිරීමට නියමිතය.
No Result
View All Result
error: Content is protected !!