ජාතික අධ්‍යාපන ආයතනය විසින් පවත්වන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා ගාස්තු පහත හෙලනු!..
ජාතික අධ්‍යාපන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනවේදී විශේෂ උපාධි පාඨමාලාව (Bachelor of Education (special) Degree (Science) (BS22/2022) වසර 03 ක පාඨමාලාවෙහි මෙතෙක් පැවති සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 84000 සිට 152000 දක්වා රු. 68000 ක මුදලකින් වැඩි කිරීම සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමය දැඩි විරෝධය පළ කර සිටිමු.
02. විශේෂයෙන් ජාතික අධ්‍යාපන ආයතනය හරහා අධ්‍යාපන විද්‍යාපීඨ හඳුන්වාදීමෙන් අනතුරුව එම පනතේ ස`දහන් පරිදි නේවාසිකව පවත්වනු ලබන තුන් අවුරුදු අධ්‍යාපන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාධාරණ කාලයක් තුළ අධ්‍යාපනවේදී විශේෂ උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන බවටත් වරින්වර බලයට පත් වූ ආණ්ඩු බොරු පොරොන්දු ලබාදුන් නමුත් ඒ වෙනුවට එය ජාතික අධ්‍යාපන ආයතනයේ සෘජුව ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන ඇත. ආණ්ඩුව වාර්ෂික අයවැය මගින් මේ ස`දහා සැපයිය යුතු ප්‍රතිපාදන බරපතළ ලෙස කප්පාදු කරමින් නිදහස් අධ්‍යාපන පනත පසෙකලා ගුරුවරුන්ගේ ගුණාත්මක සංවර්ධනයට එල්ල කර ඇත්තේ බරපතළ ප්රහාරයකි.
03. පන්ති කාමරය තුළ 43 ලක්ෂයක් සිසු දරුවන්ගේ අධ්‍යාපනයේ මූලික වගකීම් දරණුයේ ගුරුවරුන් මිස අන් කවරෙකුවත් නොවන අතර ඔවුන් උගන්වනු ලබන විෂය කරුණු මෙන්ම අනුගමනය කළ යුතු ඉගෙනුම් කුසලතා සංවර්ධනය කර පිරිපුන් දක්ෂ ගුරුවරුන්ව පන්ති කාමරයට යැවීමටත් ඔවුන්ට ඉහළ වැටුප් ලබාදීමත් ආණ්ඩුවේ ඍජු වගකීමකි.
ඒ අනුව මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර මෙවර අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ගනිමින් අදාළ පාඨමාලා ගාස්තු පහතහෙලමින් පැවති මුදලටම පාඨමාලාව සිදු කිරීමට වහා පියවර ගන්නා ලෙස අප සංගමය දැඩි ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.