විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කර රහසිගතව එයට ඇතුළු වී මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිල වයෙන් පෙන්වන වෙබ් අඩවියක්
පවත්වාගෙන ගිය ගාල්ලේ ප්‍රසිද්ධ පිරිමි පාසලක 13 වසරේ සිසුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08 වැන්දා) අත්අඩංගුවට ගෙන ඇත.
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉකුත් සඳුදා (05 වැනිදා) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය වෙත කරන ලද
පැමිණිල්ලක් මත කළ දීර්ඝ විමර්ශනයකින් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
විභාග ප්‍රතිඵල ලබාදෙන විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් වෙනත් අයකුගේ ප්‍රතිඵල පරීක්ෂා කිරීමට නොහැකි ලෙස නිර්මාණය කර ඇතත් මෙම සිසුවා
නිර්මාණය කළ වෙබ් අඩවියෙන් ඕනෑම නමක් ඇතුළු කළ විගස ඒ නමින් ඇති සියලු දෙනාගේ ප්‍රතිඵල ඒ මොහොතේම දර්ශනය වන ආකාරයට නිර්මාණය කර
තිබීම විශේෂත්වයක් විය.
අත්අඩංගුවට ගත් පාසල් සිසුවා එම පාසලේ තාක්ෂණවේදය ඉගෙන ගන්නා අයකු වන අතර ඔහුගේ මාපියන්ද ප්‍රසිද්ධ පාසල්වල උගන්වන ගුරුවරු බව හෙළි වී ඇත.
මෙම සිද්ධිය ගැන ලද පැමිණිලි මත විමර්ශන අරඹා වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී එය වෙනත් රටක ලියාපදිංචි කර තිබූ නිසා මෙයට සම්බන්ධ වූවන් සොයා යෑම අසීරු කාරණයක් වී තිබේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයාශ්‍රී ඇතුළු කණ්ඩායම අන්තර්ජාල අවේක්ෂණයක් කර මෙයට සම්බන්ධ ටෙලිග්‍රෑම්
මෘදුකාංගය භාවිත කරන කණ්ඩායමක් හඳුනාගෙන ඇත.
එම මෘදුකාංගය දැඩි ආරක්ෂිත එකක් වුවද විමර්ශන නිලධාරින් උපක්‍රමයක් යොදා පෙරේදා (07 වැනිදා) වන විට එහි සිටින තොරතුරු තාක්ෂණවේදීන්ගේ තොරතුරු රැස්
කර ඇත. වෙබ් අඩවිවලට හැකර් ප්‍රහාර එල්ල කිරීම, නීති විරෝධී ලෙස බැංකු කාඩ්පත්වලින් ගෙවීම් ඇතුළු කාරණා මෙම සමූහය තුළ හුවමාරු වී ඇතැයි හෙළි වී තිබේ.
මෙම සමූහයේ වැඩිපුරම සිටින්නේ තොරතුරු තාක්ෂණවේදය හදාරන මෙරට උසස් පෙළ සිසුන් බව එහිදී හෙළි වී ඇත. ඒ අනුව දෙහිවලදී අත්අඩංගුවට ගත් පාසල්
සිසුවකු මාර්ගයෙන් මෙම සමූහයේ සිටින කණ්ඩායම්වල දුරකථන අංක හඳුනාගෙන ඇත.
වෙබ් අඩවියට හැකර් ප්‍රහාර එල්ල කළැයි කියන සිසුවාගේදුරකථන අංකයෙන් කිසිදු ඇමතුමක් ගෙන නොතිබීම නිසා ඔහුව සොයාගැනීම අසීරු වී ඇත. තාක්ෂණික ක්‍රමවේදයක්
මගින් මෙම සිසුවා සමග හැකර්වරුන් ලෙස තොරතුරු හුවමාරු කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ගාල්ල, වක්වැල්ලේදී ඊයේ (08 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
තමන් මෘදුකාංග මගින් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දුර්වලතා හඳුනාගෙන (Bruit Force) ප්‍රහාරයක් එල්ල කළ බවත්, පැය හයක් තුළ විභාග දෙපාර්තමේන්තුවේ උසස් පෙළ ප්‍රතිඵල දත්ත පද්ධතියම භාගත කරගත් බවත් සිසුවා හෙළිකර ඇත. තමන් අත්හදා බැලීමක් ලෙස මෙය කළ බවත් ඔහු අනාවරණ කර ඇත.
සැකකාර සිසුවා පරිගණක තාක්ෂණවේදයේ දක්ෂතාවලින් පරිපූර්ණ අයකු බවත්, ජංගම දුරකථනය හා ලැප්ටොප් යන්ත්‍රය මගින් සියලු දේ කර ඇති බවත් විමර්ශකයන්
පෙන්වා දෙයි. මෙම කණ්ඩායම අයත් ටෙලිග්‍රෑම් සමූහයේ පිරිස තවත් පරිගණක අපරාධවලට යොමු වී ඇත්දැයි සොයා විමර්ශන කරන ලෙස අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ එහි අධ්යක්ෂ ලකී රන්දෙණියට උපදෙස් දී තිබේ.
error: Content is protected !!
No Result
View All Result