දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහනක් ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මේ සඳහා නියමු වැඩසටහන් ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 18කදී ආරම්භ කෙරිනි.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ කොටහේන කුමර විදුහලේ උත්සවයකට සහභාගි වෙමින් රුපියල් 900,000කට වැඩි වටිනාකමකින් යුත් වියලී ද්‍රව්‍ය පාසලට ලබා දුන් අතර පාසල් වලට වියලී ද්‍රව්‍ය බෙදා දීමේ නියමු වැඩසටහන එම පාසලෙන් පටන් ගත් බවද ප්‍රකාශ කළේය.
රජය පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමට රුපියල් බිලියන 4ක මුදලක් වෙන් කර ඇති අතර එමගින් ළමයෙකුට රුපියල් 75ක් පමණ වෙන් වේ. පාසල් සිසුන්ගේ පාවහන් ඇතුළු වෙනත් පාසල් අවශ්‍යතා සැපයීමට තවත් රුපියල් බිලියන 4ක්ද රජය වෙන කොට තිබේ.