5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතය මත පදනම් වේ.
2022 සහ 2023 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් පමණක් පදනම් කරගෙන ප්‍රශ්න පත්‍ර සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්ථා වේ.
විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යවන ලද අංක ED/01/103/03/02 යන ලිපියෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් දන්වා ඇත.
ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර 2022.07.09 සහ 2022.08.16 යන දිනයන්හිදී ඔන්ලයින් මාර්ගයෙන් පැවැත්වූ සාකච්ඡා මත මෙම තීරණයට එළැඹි බව ද සඳහන්.
එම ලිපියට අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර අන්තර්ගතය සම්බන්ධයෙන් තීරණ ලෙස පහත කරුණු ප්‍රකාශයට පත් කර ඇත.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ විභාගය
පළමු ප්‍රශ්න පත්‍රය – 3, 4, 5 ශ්‍රේණි සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් මත පදනම්ව ප්‍රශ්න පත්‍රයෙන් මැනීමට අපේක්ෂිත විභව්යකා 14 මැනෙන පරිදි සකස් කළ යුතුය
දෙවන ප්‍රශ්න පත්‍රය – 3, 4, 5 ශ්‍රේණි සඳහා හඳුනාගත් අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් මත පමණක් පදනම්ව සකස් කෙරේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද 10 සහ 11 පන්ති සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් මත පමණක් පදනම්ව එක් එක් විෂයයන් සඳහා ප්‍රශ්න පත්‍රය සකස් කෙරේ.
2022 සහ 2023 යන වසර දෙක තුළ පමණක් මෙම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
error: Content is protected !!
No Result
View All Result